රුසියාව සමග පැවතියේ යැයි කියන සියලු කුමන්ත්‍රණ හෙළි කිරීමට තමන් සූදානම් බව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හිටපු නීතීඥ මයිකල් කොහෙන් පවසයි.
2016 ඇමෙරිකානු ජනාධිපතිවරණය සමයේදී ට්‍රම්ප්ගේ පෙම්වතියන් නිහඬ කිරීම වෙනුවෙන් මුදල් ලබාදීමට කටයුතු කළේ යැයි නැඟෙන චෝදනා සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කරමින් කොහෙන් මෙම අනාවරණය සිදුකර ඇත.
කොහෙන්ගේ පෞද්ගලික නීතීඥවරයා පවසා සිටියේ තම සේවාදායකයා ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බන්ධයෙන් දන්නා වූ සියලු කරුණු හෙළි කිරීමට සූදානමින් සිටින බවයි.
කෙසේ වෙතත්, රුසියාව සමග කිසිදු සම්බන්ධතාවක් නොපැවති බව පවසමින් මෙම චෝදනා ට්‍රම්ප් විසින් මෙන්ම, රුසියාව විසින්ම ප්‍රතික්ෂේප කර තිබේ.
එමෙන්ම, සිය පැරණි නීතීඥයාගේ මෙම අදහස් දැක්වීමට ප්‍රතිචාර ලෙස ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා තිබුණේ, යමෙකුට හොඳ නීතීඥයෙකුගේ සේවාවක් අවශ්‍ය වන්නේ නම්, මයිකල් කොහෙන් වැන්නෙකුගේ සේවය ලබා නොගන්නා ලෙස තමන් ඉතා ඕනෑකමින් පෙන්වා දීමට කැමති බවයි.