බංග්ලාදේශයේ ඩකා අගනුවර මහල් ගොඩනැගිල්ලක ඇති වූ ගින්නෙන් මියගිය සංඛ්‍යාව 25ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, තවත් 70ක් තුවාල ලබා තිබේ.
මෙසේ මියගිය පුද්ගලයන්ගෙන් 6 දෙනෙකු ගින්න පැතිරී යන අවස්ථාවේදී ගොඩනැගිල්ලෙන් පැනීමට යාමේදී ජීවිතක්ෂයට පත්ව ඇත. ඒ අතර, ශ්‍රී ලාංකිකයෙකුද වන බව පසුගියදා බංග්ලාදේශ මාධ්‍ය සඳහන් කර තිබුණි.
ගින්න මැඩපැවැත්වීමට කටයුතු කළ ගිනි නිවන භටයන් පවසා සිටියේ ගින්න ඇතිවන අවස්ථාවේදී ප්‍රමාණවත් තරම් ගිනි ආරක්ෂණ උපකරණ ඒ තුළ නොවීම ගින්න වේගයෙන් පැතිරීමට හේතු වී ඇති බවයි.
කෙසේ වෙතත්, මෙම ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැති අතර, බංග්ලාදේශ රජය විසින් මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් අරඹා තිබේ.