බංග්ලාදේශයේ ඩකා අගනුවර මුඩුක්කු නිවාස පවතින ප්රදේශයක ඇති වූ ගින්නකින් නිවාස 15,000ක් පමණ සම්පූර්ණයෙන් විනාශ වී ඇති බව වාර්තා වෙයි.
මෙම මුඩුක්කු නිවාස ආශ්රිතව පුද්ගලයන් 50,000ක් පමණ ජීවත් වී ඇති අතර, ගින්නෙන් නිවාස විනාශ වීමත් සමග ඔවුන් සියලු දෙනාට නිවාස අහිමිව ඇත.
චලන්ටිකා මුඩුක්කු නිවාස සංකීර්ණය ආශ්රිතව සිකුරාදා රාත්රියේ ගින්න හටගෙන තිබුණු අතර, එම නිවාස රැසක ප්ලාස්ටික් සෙවිලි තහඩු තිබූ බවත්, ඒවා ඉක්මණින් ගින්නට හසුවන බැවින් ගින්න වේගයෙන් පැතිර ගොස් ඇති බවත් ගිනි නිවන හමුදාව පවසයි.
එමෙන්ම, මෙම ගින්න නිසා පුද්ගලයන් කිහිප දෙනෙකු පිළිස්සුම් තුවාල ලබා තිබේ.
මෙම නිවාසවල ජීවත්වන බහුතරයක් ඉතා පහළ ආදායම් ලබන්නන් වන අතර, ඉස්ලාමීය ඊද් උත්සව සමය බැවින් බොහෝදෙනා ගින්න ඇතිවන අවස්ථාවේදී නිවෙස්වල නොසිට ඇති බවද කියැවෙයි.
මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් අරඹා ඇති බව බංග්ලාදේශ පොලීසිය පවසන අතර, නිවාස 6ක් පමණක් බේරාගැනීමට ගිනි නිවන හමුදාවට හැකිවී තිබේ.
මේ අතර, නිවාස අහිමි වූවන් වෙනුවෙන් යම් සහනයක් ලබාදීමට කටයුතු කරන බව බංග්ලාදේශ රජය පවසා ඇත.