ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් අතර මීළඟ සාකච්ඡා වටය පෙබරවාරි මස අගදී සිදුවනු ඇති බව ධවල මන්දිරය පවසයි.
ඇමෙරිකාවේ සංචාරයකට පැමිණි උතුරු කොරියානු ඉහළ පෙළෙහි රාජ්ය තාන්ත්රික කිම් යොන්ග්-චෝල් සමග ට්රම්ප් පැවැත්වූ සාකච්ඡාවලින් පසුව මේ ආකාරයෙන් නායක දෙපළගේ දෙවැනි හමුව පිළිබඳ කාලය තීරණය වී තිබේ.
එමෙන්ම, උතුරු කොරියානු නායකයාගෙන් විශේෂ ලිපියක්ද ඔහු විසින් ජනපති ට්රම්ප් වෙත භාර දෙන්නට ඇති බව විශ්වාස කෙරෙයි.
පසුගිය වසරේ ජූනි මාසයේදී දෙරටේ නායක දෙපළක් අතර ප්රථම වරට සිදුවූ හමුවෙන් පසුව කොරියානු අර්ධද්වීපය තුළ න්යෂ්ටිකහරණ ක්රියාවලිය මන්දගාමී ස්වරූපයකින් සිදුවෙමින් පවතී.
එම හමුව සිංගප්පූරුවේදී පැවැත්වුණත්, මෙම නව හමුව පැවැත්වෙන ස්ථානය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අනාවරණයක් සිදුකර නොමැත.
නමුත්, මෙම හමුව වියට්නාමයේදී සිදුවනු ඇති බවට විශ්වාසයන් පවතී.