ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග තවත් වරක් ජනපති සටනට නොඑන බව එරට හිටපු ජනපති අපේක්ෂිකා සහ රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් පවසයි.
"මම ආයෙත් තරග කරන්නේ නෑ. ඒත් මම විශ්වාස කරන දේ වෙනුවෙන් කතා කිරීමට, සිට ගැනීමට මම පසුබට වෙන්නේ නෑ" ඇය මාධ්‍ය වෙත පවසා තිබේ.
2016 වසරේ ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂිකාව ලෙස ජනපති සටනට තරග කළ හිලරි, ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රථම ජනාධිපතිනිය බවට පත්වනු ඇති බව බොහෝදෙනා සිතා සිටියත්, අවසන් මොහොතේ ඇය ට්‍රම්ප් ඉදිරියේ පරාජයට පත්විය.
ඇයගේ පරාජය සමග ඩිමොක්රටික් පක්ෂය අලුත් පණක් තම පක්ෂයට ලබාදීම සඳහා තරගකරුවෙකු සොයමින් සිටි අතර, මේ වනවිටත් තරගකරුවන් 10 දෙනෙකු සම්බන්ධයෙන් කතාබහ කෙරෙයි.