දැනට මාස කිහිපයක සිට තමන් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනය සමග සාකච්ඡාවක නිරතව සිටින බව වෙනිසියුලා ජනපති නිකොලාස් මදුරෝ පිළිගනී.
වෙනිසියුලාවේ රාජ්‍ය නායකයා මදුරෝ ලෙස පිළිගැනීම අත්හළ රටවල් 50කට අධික සංඛ්‍යාව අතර එක්සත් ජනපදයද සිටින අතර, එවැනි වාතාවරණයක ඇමෙරිකාව ඔහු සමග හොර රහසේ සාකච්ඡා පවත්වා තිබේ.
එමෙන්ම, වෙනිසියුලාවට එරෙහිව එක්සත් ජනපද සම්බාධක පනවා තිබුණු පරිසරයක මෙවැනි සාකච්ඡාවක් වාර්තා වීමද තරමක් විමතිය දනවන්නකි.
කෙසේ වෙතත්, මීට ප්‍රතිචාර දක්වමින් එක්සත් ජනපද ආරක්ෂක උපදේශ ජෝන් බෝල්ටන් පවසා තිබුණේ, ඔවුන් වෙනිසියුලාව සමග සිදුකළ එකම සාකච්ඡාව මදුරෝ ධුරයෙන් නික්ම යෑම සඳහා අවශ්‍ය පසුබිම පමණක් බවය.
නමුත්, ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා තහවුරු කරනු ලැබුවේ, තම පරිපාලනය වෙනිසියුලාවේ නියෝජිතයන් කිහිප පොළක් සමගම සාකච්ඡා කළ බවය.
තම පරිපාලනය සාකච්ඡා පැවැත්වූයේ කවුරුන් සමගද යන්න ගැන පැවසිය නොහැකි වුවත්, එරට ඉහළ පෙළේ නියෝජිතයන් සමග සාකච්ඡා කළ බව පමණක් සඳහන් කළ හැකි යැයි ට්‍රම්ප් කීය.
.