ග්‍රීන්ලන්තය මිලදී ගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උත්සාහය සම්බන්ධයෙන් ඩෙන්මාර්ක අගමැතිනියගේ ප්‍රතිචාරයෙන් උරණ වූ ට්‍රම්ප් ඇය පිළිකුල්සහගත තැනැත්තියක ලෙස එක්සත් ජනපද නායකයා විසින් හඳුන්වා තිබේ.
ඩෙන්මාර්ක අගමැතිනී මෙටී ෆ්‍රෙඩරික්සන් පවසා සිටියේ, ඩෙන්මාර්කයේ සංචාරය හදිසියේ අවලංගු කිරීමට ට්‍රම්ප් ගෙන ඇති තීරණය ගැන තමන් කනගාටු වන බවයි.
කෙසේ වෙතත්, මෙම අවස්ථාවේදී ග්‍රීන්ලන්තය මිලදී ගැනීමක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම අයුක්තිසහගත ක්‍රියාවක් බවද ඇය කියා තිබුණි. ග්‍රීන්ලන්තය යනු ඩෙන්මාර්කයෙන් ස්වයං පාලනයක් ලබා සිටින ලෝකයේ විශාලතම දූපත් රාජ්‍යයයි.
දෙවැනි මාග්‍රට් රැජින විසින් එලැඹෙන සැප්තැම්බර් 2දා ඩෙන්මාර්කයේ සංචාරයක නිරත වන ලෙස ට්‍රම්ප් වෙත ආරාධනයක් කර තිබුණත්, ග්‍රීන්ලන්තය මිලදී ගැනීමේ ඔහුගේ වෑයම නිරර්ථක උත්සාහයක් වන පසුබිමක ඇමෙරිකානු නායකයා එම සංචාරය අවලංගු කර තිබේ.
කෙසේ වෙතත්, අගමැතිනිය විසින් ට්‍රම්ප්ගේ තීරණය අයුක්ති සහගත යැයි පැවසීමෙන් ට්‍රම්ප් උරණ වී ඇති අතර, ඔහු මාධ්‍ය හමුවේ කියා තිබුණ් පිළිකුල්සහගත වචන භාවිතයකින් තොරව, එවැනි ගනුදෙනුවක් සඳහා උනන්දුවක් නොමැති බව පැවසුවා නම් ප්‍රමාණවත් බවය.