WeChat සහ TikTok යන ජංගම දුරකථන යෙදුම් හි නව ඩවුන්ලෝඩ් කිරීම් තහනම් කිරීමට උත්සාහ කළ හිටපු ඇමෙරිකානු ජනපති ට්රම්ප්ගේ විධායක නියෝග මාලාවක් ජනාධිපති ජෝ බයිඩන් විසින් ඉල්ලා අස් කරගෙන තිබේ.
ඒ වෙනුවට අදාළ යෙදුම් සහ වෙනත් අය විසින් ඉදිරිපත් කර ඇති ආරක්ෂක ගැටලු පිළිබඳව වාණිජ දෙපාර්තමේන්තුවට සමාලෝචනයක් කිරීමට බයිඩන් නියෝග කර ඇත.
හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ පරිපාලනය විසින් නව පරිශීලකයින් විසින් මෙම යෙදුම් ඩවුන්ලෝඩ් කිරීම අවහිර කිරීමට සහ වෙනත් තාක්ෂණික ගනුදෙනු තහනම් කිරීමට ගත් උත්සාහය කිසිවිටෙකත් ක්රියාත්මක නොවූයේ, අධිකරණය එම නියෝග අවහිර කළ බැවිනි.
මේ සම්බන්ධයෙන් TikTok සහ WeChat වහාම අදහස් දැක්වීමට ඉදිරිපත් නොවීය.