ටියුනීසියාවේ, ටියුනීස් නුවරදී කාන්තාවක විසින් මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා ගැනීම හේතුවෙන් පුද්ගලයන් 9 දෙනෙකු තුවාල ලබා තිබේ.
මෙසේ තම බෝම්බය පුපුරුවා ගත් තැනැත්තිය වයස අවුරුදු 30ක පමණ කාන්තාවක බවත්, ඇයට මීට පෙර ත්‍රස්තවාදී සබඳතා පැවති බවට තොරතුරු නොමැති බවත් එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය කියයි.
කෙසේ වෙතත්, මෙම පිපිරීම ත්‍රස්ත ක්‍රියාවක් ලෙස නම් කිරීමට එම අමාත්‍යාංශය කටයුතු කර තිබේ.
මෙම පිපිරීමෙන් කිසිවෙකු ජීවිතක්ෂයට පත්ව නොමැති අතර, පිපිරීමේ වගකීම කිසිවෙකු විසින් භාරනොගෙන ඇති බව කියයි.
ටියුනීසියාවේදී මීට වසර කිහිපයකට පෙර සිදුවූ අතිශය ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාර දෙකකින් පසුව එරට සංචාරක කර්මාන්තය යළිත් ප්‍රකෘති තත්ත්වයට පත්වෙමින් තිබියදී මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සිදුව තිබේ.
එම ප්‍රහාරවලින් 2015 මාර්තු මාසයේදී අගනුවර බාර්ඩෝ කෞතුකාගාරයේදී එල්ල වූ ප්‍රහාරයෙන් පුද්ගලයන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූහ.
ඉන් මාස කිහිපයකට පසුව ජූනි මාසයේදී සෝසේ සංචාරක කලාපයක සිදුවූ ප්‍රහාරයකින් තවත් පුද්ගලයන් 38 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූහ.