ටොයෝටා සමාගමේ හයිබ්‍රිඩ් මෝටර් රථ තාක්ෂණය සම්බන්ධ පේටන්ට් බලපත්‍රවල හිමිකාරීත්ව භාගය වර්ෂ 2030 වනතුරු නොමිලේ ලබාදීමට එම සමාගම සූදානම් වෙයි.
මේ වනවිට ජනප්‍රිය වෙමින් පවතින සම්පූර්ණ විදුලි මෝටර් රථ සඳහා විකල්පයක් ලෙස හයිබ්‍රිඩ් මෝටර් රථ ප්‍රවර්ධනය කිරීම මෙහි අරමුණ වී තිබේ.
ටොයෝටා සමාගම නිෂ්පාදනය කළ ටොයොටා ප්‍රියස් රථය ලෝකයේ මුලින්ම මහා පරිමාණයෙන් නිෂ්පාදනය කළ හයිබ්‍රිඩ් මෝටර් රථය විය.
එම රථය ලොවට හඳුන්වාදීමෙන් පසුව මේ දක්වා හයිබ්‍රිඩ් රථ මිලියන 13ක් ටොයෝටා සමාගම විසින් අලෙවි කර තිබේ.
චීන සමාගම් මෙම තාක්ෂණය සම්බන්ධයෙන් විශේෂ අවධානයකින් පසුවන අතර, ඔවුන් වර්ෂ 2025 දී විදුලි මෝටර් රථ නිෂ්පාදනයේ ප්‍රමුඛයා වීමේ බලාපොරොත්තුවෙන් සිටින රාජ්‍යයයි.