ටැන්සානියාවේ, වික්ටෝරියා වැවේ පෙරලී ගිය පාලම්පාරුවේ ගමන් කළ පුද්ගලයන් 136කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව මේ වනවිට තහවුරු වී තිබේ.
කෙසේ වෙතත්, තවත් විශාල පිරිසක් මෙම අනතුරින් අතුරුදන්ව ඇති බවත් ඒ අනුව 200කට වැඩි පිරිසක් දියේ ගිලී මියැදෙන්නට ඇති බව විශ්වාස කරන බවත් ටැන්සානියානු බලධාරීහු පවසති.
සිකුරාදා දිනයේදීද මුදාගැනීමේ මෙහෙයුම් සිදුවුවත්, රාත්රිය එළඹෙත්ම එම මෙහෙයුම්ද නැවතී ඇති අතර, මේ වනවිට ජීවතුන් අතර කිසිවෙකු සිටිතැයි විශ්වාස කළ නොහැකි බවද සහන කණ්ඩායම් පවසති.
එම්.වී. නයේරේරේ නමින් හැඳන්වුණු පාලම් පාරුව උකාරා දූපත ආසන්නයේදී පෙරළී ඇති අතර, එම අවස්ථාවේදී සීමාව ඉක්මවා මගීන්ගෙන් පිරීගිය පාලම් පාරුවේ එක් පැත්තකට ඔවුන් ඒකරාශී වීමත් සමග එය පෙරළී යන්නට ඇති බව විශ්වාස කෙරෙයි.