යුරෝපීය පාපන්දු පිටියත් යම් කැළඹීමකට ලක්කරමින් ඉතාලි සහ ජුවෙන්ටස් කණ්ඩායම්හි ඩැනියෙල් රුගානි වෙත කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
මාරාන්තික වෛරසය පැතිරීම වැඩිවීම නිසා බදාදා යුරෝපීය පාපන්දු ක්‍රීඩාවේ දැඩි අවදානමකට ලක්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඉතාලිය සහ ජුවෙන්ටස් කණ්ඩායම්හි ඩැනියෙල් රුගානි පළමු පෙළ පාපන්දු ක්‍රීඩකයෙකු මෙසේ වෛරසයට ගොදුරුවී ඇති බව තහවුරු වූ ප්‍රථම අවස්ථාව වෙයි.
ඔහු දැනට වෛරසය වැළඳි ඇති බවට පරීක්ෂණයන්ගෙන් තහවුරු වී තිබුණත්, දැනට රෝග ලක්ෂණ පෙන්නුම් කර නොමැති බවද පෙන්වා දෙයි.
ඒ අනුව ඔහු නිරෝධායනයට යොමුකර ඇති අතර, ඔහු සමග සමීප සබඳතා පැවැත්වූ සියලු දෙනාද නිරෝධායනයට ලක්කර ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.
ප්‍රකට පාපන්දු ශූරයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ නියෝජනය කරන්නේද ජුවෙන්ටස් කණ්ඩායමයි.