ජර්මනියේ, බර්ලීන් නුවර පැවති උත්සවයක් අතරතුර විනාඩි කිහිපයක් එරට චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් වෙව්ලීමකට ලක්වීම සම්බන්ධයෙන් දැඩි කතාබහක් ඇතිවී තිබේ.
උත්සව සභාවේ දේශකයෙකු කතා කරන අවස්ථාවේ, ඒ අසල සිටගෙන සිටි මාර්කෙල් දැඩි අපහසුවකින් හා වෙව්ලීමින් සිටින ආකාරය ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය.
කෙසේ වෙතත්, ජපානයේ, ඔසාකා නුවර පැවති G20 සමුළුවට පැමිණි චාන්සලර්වරියගෙන් මාධ්‍ය මේ පිළිබඳ ප්‍රශ්න කළේය.
ඇය කියා සිටියේ ඇයට කිසිදු රෝගාබාධයක් නොමැති බවත්, ඇය හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවත්ය.
කෙසේ වෙතත්, ඇය අසාමාන්‍ය ලෙස වෙව්ලා යාම අසනීපයකින් තොර සිදුවීමක් නොවිය හැකි බව මාධ්‍ය වැඩිදුරටත් පවසයි.