බටහිර ජර්මානු නගරයක් වන හැනාවු හි ස්ථාන දෙකකදී සිදුව ඇති වෙඩි තැබීමකින් පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
එරට වේලාවෙන් ඊයේ (19දා) රාත්‍රී 10:00 ට පමණ සිදුව ඇති මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා ඇති බවද පොලීසිය පවසයි.
වෙඩි තැබීම සිදුකළ පුද්ගලයන් මෙම ස්ථානයෙන් පළාගොස් ඇති අතර, මේ වනවිට ඔවුන් සොයා මෙහෙයුම් සිදුවන බවද පොලීසිය සඳහන් කරයි.
පළමු වෙඩි තැබීම නගර මධ්‍යයේ පිහිටි බීර හලක සිදුව ඇති අතර, දෙවැන්න හැනාවු ආසන්න ස්ථානයකදී සිදුව ඇති බව සඳහන් වෙයි.
මේ වනවිට පොලිස් නිලධාරීන් සහ හෙලිකොප්ටර් යානා ප්‍රදේශ දෙකේම මුර සංචාරයේ යෙදී සිටින අතර, සිද්ධියට නාඳුනන තුවක්කුකරුවන් තිදෙනෙකු සම්බන්ධ වී ඇති බවට සිද්ධිය ඇසින් දුටවෝ පවසති.
ප්‍රහාරයෙන් පසුව අඳුරු පැහැති වාහනයක් එම ස්ථානයෙන් පිටව යන අයුරු ඔවුන් දැක ඇති අතර, මෙම ප්‍රහාරයේ චේතනාව පැහැදිලි නැතැයි පොලීසිය වැඩිදුරටත් පවසයි.
හෙසන් ප්‍රාන්තයේ හැනාව් යනු ෆ්රෑන්ක්ෆර්ට් සිට කි.මී. 25ක් නැගෙනහිරින් පිහිටා ඇති අතර, මෙම සිදුවීම වාර්තා වන්නේ බර්ලිනයේ සිදුවූ තවත් වෙඩි තැබීමකින් දින හතරකට පසුවය.