මධ්‍යම ජර්මනියේදී සිදුවූ ගුවන් අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු සහ කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
එක් එන්ජිමකින් යුතු සෙස්නා වර්ගයේ කුඩා ගුවන් යානයක් ගොඩබෑමට ගත් උත්සාහයක් අසාර්ථක වීමෙන් පසුව එය ගුවන් තොටුපළ වැටේ වැදී අසල මාර්ගයට කාඩා වැදී ඇති බව කියයි.
ඒ අවස්ථාවේදී රැස්ව සිටි පිරිසක් අතර සිටි මෙම කාන්තාවන් දෙදෙනා සහ කුඩා දරුවා ගුවන් යානයේ ගැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
එමෙන්ම, මෙම සිද්ධියෙන් තවත් පුද්ගලයන් පස් දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඒ අතර යානයේ ගමන් කළ සිව්දෙනෙකුද වන බව පොලීසිය පවසයි.
මෙම අවස්ථාවේදී කාලගුණයද වඩාත් පැහැදිලි තත්ත්වයක පැවතී ඇති අතර, අනතුරට හේතුව සොයාගැනීම සඳහා පරීක්ෂණ පැවැත්වෙන බවද පොලීසිය කියයි.