ජපාන මුහුදු සීමාවේදී ඇමෙරිකානු මෙරීන් භටයන් රැගත් ප්‍රහාරක යානයක් සහ ඉන්ධන පිරවුම් යානයක් ගැටීමෙන් සිදුවූ අනතුරෙන් අතුරුදන් වූ සෙබලු සොයා මෙහෙයුමක් දියත් කර තිබේ.
හිරෝෂිමාවට ආසන්න ඇමෙරිකානු හමුදා කඳවුරකට අයත් C-130 සහ F-18 වර්ගයේ ගුවන් යානා ද්විත්වයක් ගුවනේදී ඉන්ධන පුරවන අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇති බව කියවුණත්. මෙය තවමත් නිල වශයෙන් තහවුරු කර නොමැති බවද කියයි.
කෙසේ වෙතත්, ජපාන මාධ්‍ය වාර්තා කරන ආකාරයට මෙම අනතුරින් එක් පුද්ගලයෙකුගේ ජීවිතය බේරාගෙන ඇති අතර, තවත් පුද්ගලයන් 6 දෙනෙකු අතුරුදන් බව කියැවෙයි.
ජපාන වේලාවෙන් බ්රහස්පත්නිදා අලුයම 2.00ට පමණ මෙම අනතුර සිදුව ඇති බව මෙරීන් භටයන්ගේ ට්විටර් ගිණුමක සටහන්ව ඇත.
අනතුර සිදුවන අවස්ථාවේදී අයත් C-130 යානයේ පුද්ගලයන් 5 දෙනෙකු සහ සහ F-18 යානයේ පුද්ගලයන් දෙදෙනෙකු ගමන් කර ඇත.