ජපානයේ ඩයමන්ඩ් ප්රින්සස් නෞකාවේදී නව කොරෝනා වෛරසයට ගොදුරු වූ එක්සත් ජනපද පුරවැසියන් පිරිස විශේෂ ගුවන් යානයකින් එරටට රැගෙන යාමෙන් පසුව යළිත් නිරෝධායන ක්රියාවලියකට ලක්වන බව විදෙස් වාර්තා පවසයි.
මෙසේ පැමිණි එක් ගුවන් යානයක් කැලිෆෝනියාවේ ගුවන් හමුදා කඳවුරකට සහ අනෙක් ගුවන් යානය ටෙක්සාස්වලට ගොඩ බැස ඇති අතර, යානයේ පැමිණි මගීන් දින 14ක් හමුදා පහසුකම් යටතේ මගීන් හුදෙකලා නිරෝධායනයකට ලක්කෙරෙනු ඇත.
ඩයමන්ඩ් ප්රින්සස් නෞකාවේ ඇමරිකානුවන් 400ක් පමණ සිටි අතර, එහි සමස්ත මගීන් 3,700ක් පමණ පසුගිය 3දා සිට ඒ තුළදීම නිරෝධායනයකට ලක්කෙරිණි.