ජපානයේ උතුරුදිග හොක්කයිඩෝ දූපතේ පිහිටි සැප්පෝරෝ නගරයේ සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 42දෙදෙනෙකු තුවාල ලබා තිබේ.
තුවාල ලැබූ පිරිසෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
මෙම පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොතිබුණත්, ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුවූ පිපිරීමක් බව විශ්වාස කෙරෙයි.
පිපිරීමත් සමග කඩා වැටුණු ගොඩනැගිලිවල සිටි පිරිස් බේරාගැනීම සඳහා ගිනි නිවන හමුදාව යුහුසුළුව කටයුතු කරන ආකාරය සමාජජාල මාධ්‍යවල පළ විය.
තවදුරටත් පිපිරීම් සිදුවිය හැකි බැවින් පොලීසිය ප්‍රදේශයේ සිටි සෙසු පිරිස් ඉවත් කිරීමට කටයුතු කර තිබුණු අතර, ගිනි නිවන රථ 20කට වැඩි ප්‍රමාණයක් මෙම මෙහෙයුම සඳහා යොදා තිබූ බවද විදෙස් වාර්තා පවසයි.