ජපානයේ අකිහිතෝ අධිරාජ්‍යයා සිය අධිරාජ්යයත්වයෙන් ඉවත්වීම අද (30දා) සිදුවීමට නියමිතය.
වසර 200ක ජපාන ඉතිහාසය තුළ ජීවත්ව සිටියදී සිය රාජ්‍යයත්වය අත්හරින ප්‍රථම අධිරාජ්‍යයා වන්නේ අකිහිතෝය.
ජපාන අධිරාජ්‍ය මාලිගයේදී මෙම සමුගැනීම වෙනුවෙන් පෞද්ගලික චාරිත්‍ර වාරිත්‍ර සිදුකෙරෙමින් පවතින අතර, 85 වැනි වියෙහි පසුවන අකිහිතෝ අධිරාජ්‍යයා ඒ වෙනුවෙන් වූ නෛතික පසුබිමද සකසා ගෙන ඇත.
දැනට තමාගේ වයෝවෘද්ධබව මෙන්ම, අයහපත් සෞඛ්‍යය තත්ත්වයද මෙම සමුගැනීමට හේතුවක් බව අධිරාජ්‍යයා පවසා ඇත.
ඒ අනුව, ඔහුගේ පුත්, ඔටුන්න හිමි නරුහිතෝ කුමරු හෙට දිනයේදී ජපානයේ නව අධිරාජ්‍යයා ලෙස පත්වෙමින් නව යුගයක් ඇරඹීමට සූදානමින් සිටියි.
ජපානයේ අධිරාජ්‍ය පදවියට කිසිදු දේශපාලන බලයක් නොමැති අතර, එය එරට ජාතියේ සංකේතයක් බඳු පදවියකි.