තම දරුවන් මෙන් රැකබලා ගත් බොන්සායි ගස් 7ක් සොරාගැනීමෙන් සිත් තැවුලට පත් එහි හිමිකරුවන් ඒවා යළි තමන් වෙත ලබාදෙන මෙන් කාරුණික ඉල්ලීමක් කර තිබේ.
ජපානයේ, ටෝකියෝ නුවර පදිංචි සෙයිජි ලිමුරා සහ ඔහුගේ බිරිඳ වන ෆයුමි පවසන්නේ මිල කළ නොහැකි මෙම වෘක්ෂයන් ඔවුන්ගේ ගෙවත්තේ තිබියදී සොරාගෙන ගොස් ඇති බවයි.
මේ සම්බන්ධයෙන් ඔවුන්ට දැනෙන වේදනාව වචනයෙන් විස්තර කළ නොහැකි බව පවසන ඔවුන් එම වෘක්ෂයන් ඔවුන්ට මුදලට වඩා වටිනා බවද පවසයි.
මෙම කුඩා වෘක්ෂයන් ඇ.ඩො.118,000ක පමණ මිල වන බව විශ්වාස කෙරෙයි.
කුඩා බඳුනක් තුළ විශාල වෘක්ෂයක ස්වභාවය ගත් ඉතා කුඩා වෘක්ෂයක් වගා කිරීම බොන්සායි කලාවේදී සිදුකෙරෙන අතර, මෙය යම් කාලයක්, ශ්රමයක් වැයවන කාර්යයකි.
මෙම ඇතැම් වෘක්ෂ වසර 400ක් පමණ ආයුෂ පැවතින නිසා ඒවාට නිසි පරිදි ජලය යොදමින් ආරක්ෂා කළ යුතු වෙයි.