ජපානයට බලපා ඇති ට්රමී සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 120ක් පමණ දෙනා තුවාල ලබා තිබේ.
මෙම සුළි කුණාටුව එරට වේලාවෙන් ඊයේ (30දා) රාත්රී 8.00ට පමණ ඔසාකා නගරය හරහා පැයට කිලෝමීටර් 216ක සුළං ප්රවාහයක් සමග රට තුළට කඩා වැදී ඇත.
මෙම ප්රබල සුළං තත්ත්වය හේතුවෙන් ගුවන්ගමන් සහ දුම්රිය වාර රැසක් අවලංගු කිරීමට ජපාන බලධාරීන්ට සිදුව ඇති අතර, නිවාස 750,000ක් පමණ විදුලිබලය නොමැතිව අඳුරේ පවතී.
බටහිර ජපානය වෙත වසර 25ක කාලය තුළ බලපෑ ප්රබලතම සුළි කුණාටුව, ජෙබී කඩා වැදී මාසයක් ගතවීමටත් පෙර මෙම සුළි කුණාටුව ජපානයට බලපා ඇත.
සැප්තැම්බර් මාසයේ ඇති වූ එම සුළි කුණාටුවෙන් ජීවිත 7ක් අහිමි වූ අතර, තවත් දේපොළ රැසකට හානි සිදුවිය.