බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ බ්‍රෙක්සිට් ක්‍රියාදාමය සම්පූර්ණ කිරීමට තමන්ට ඓතිහාසික මැතිවරණ ජයග්‍රහණයක් ලබාදුන් ජනතාව තමන් කෙරෙහි තැබූ විශ්වාසයට කලගුණ සලකන බවට බොරිස් ජොන්සන් ප්‍රතිඥාවක් දෙමින් පවසා සිටියේය.
සිය ජයග්රහණයෙන් අනතුරුව නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවසර පැතීමට බොරිස් ජොන්සන් බ්‍රිතාන්‍යයේ එලිසබත් රැජිණ හමුවීම අද (13දා) සිදුවිය.
ආසන 650න් කොන්සර්වේටිව් පක්ෂයට ආසන 78ක බහුතර බලයක් ලැබී තිබූ අතර, තවත් එක් ආසනයක ප්‍රතිඵල නිකුත් වීමට නියමිතව තිබුණි.
"ජනතාවගේ ආණ්ඩුවක්" පිහිටුවමින් දිවා, රෑ නොබලා වෙහෙස වී වැඩ කරන බවට ජයග්රහණයෙන් අනතුරුව ජනතාව අමතමින් ඔහු කියා සිටියේය.
මෙම ප්‍රතිඵලය තුළින් බ්‍රිතාන්‍යය ලබන මාසයේදී යුරෝපා සංගමයෙන් ඉවත් කර ගැනීම සඳහා තමන්ට ජන වරමක් හිමි වන බව ද ඔහු පවසා සිටියේය.
1987 දී අගමැතිනි මාග්‍රට් තැචර් තුන්වැනි වරටත් ජයග්‍රහණය කළ අවස්ථාවෙන් අනතුරුව කොන්සර්වෙටිව් පක්ෂය මෙතරම් බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගත් ප්‍රථම වතාව මෙය වීම විශේෂත්වයකි.
"මෙය නව උදාවක්. ලබන වතාවේ ඔබ යළිත් ලේබර් පක්ෂය වෙත යාමට අපේක්ෂා කරනවා විය හැකියි. නමුත්, ඔබ මා කෙරෙහි එවැනි විශ්වාසයක් තැබීම ගැන මා නිහතමානීව ආඩම්බර වෙනවා." ජොන්සන් පැවසීය.
ඒ විශ්වාසය බිඳ නොදමමින්, ජනවාරි 31 වෙනි දින වනවිට බ්‍රිතාන්‍යය අනිවාර්යයෙන්ම යුරෝපා සංගමයෙන් ඉවත්වන බවට බොරිස් ජොන්සන් ප්‍රතිඥා දුන්නේය.