ජාත්‍යන්තරයෙන් කවර විරෝධයක් ඇති වුවද වාණිජමය වශයෙන් තල්මසුන් දඩයම ලබන ජූලි මාසයේ සිට යළි ඇරඹීමට කටයුතු කරන බව ජපානය කියයි.
ඔවුන් ජාත්‍යන්තර තල්මසුන් කොමිසමෙන් ඉවත්වීමට කටයුතු කරන බවද ජපානය කියයි. මෙම ආයතනය තල්මසුන් ආරක්ෂා කිරීම වෙනුවෙන් කටයුතු කරන සංවිධානයකි.
ඔවුන් වර්ෂ 1986 දී වාණිජමය වශයෙන් තල්මසුන් දඩයම තහනම් කරනු ලැබුවේ මෙම සතුන්ගෙන් බොහෝ දෙනා දුර්ලභ වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති බව පවසමිනි.
වර්ෂ 1951 සිට මෙම සංවිධානයේ සාමාජිකත්වය දරන ජපානය පවසන්නේ, තල්මසුන් ආහාරයට ගැනීම ජපාන සංස්කෘතිය හා බැඳී පවතින තත්ත්වයක් බැවින් ඔවුන් මෙම සාමාජිකත්වය අත්හරින බවයි.
මීට වසර කිහිපයක සිට විද්‍යාත්මක පර්යේෂණ සඳහා යැයි පවසමින් ජපානය තල්මසුන් දඩයමේ යෙදෙන අතර, පසුව එම සතුන්ගේ මස් අලෙවි කරනු ලැබීය. නමුත්, මෙම ක්‍රියාව සත්ව ආරක්ෂණ සංවිධානවල දැඩි දෝෂදර්ශනයට ලක්විය.