ඉරානය වෙත නොසිතූ මොහොතක එල්ල වන ජාත්‍යන්තර සම්බාධක බලපෑම් හමුවේ ඊට මුහුණදීමට රටක් ලෙස එක්වන ලෙස ඉරාන ජනපති හස්සන් රොයුහානි එරට ජනතාවට කියයි.
රොයුහානි පෙන්වා දෙන්නේ එක්සත් ජනපදය පැනවූ නව සම්බාධක 1980 - 88 කාලයට වඩා රටේ ආර්ථිකය උග්‍ර අතට පත්කරනු ඇති බවයි.
මෑත කාලීනව එක්සත් ජනපදය සමග ඇති වූ උණුසුම් තත්ත්වයත් සමග ඔවුන් ගල්ෆ් කලාපය වෙත යුද නෞකා ඇණියක්ද එවූ අතර, මේ ආසන්නතම සිදුවීම තවදුරටත් සම්බාධක පැනවීමක් දක්වා තල්ලු විය හැකි බව රොයුහානි අනතුරු අඟවයි.
මෙවැනි වටපිටාවක රටට එල්ල වන සම්බාධක හරහා ජනපති ලෙස ඔහුටද අභ්‍යන්තරයෙන් එල්ල වන පීඩනය හමුවේ ඔහු සියලු රටවැසියන්ට එක්වන ලෙස ඉල්ලීමක් කර තිබේ.
මේ බලපෑම් හමුවේ ඉරානයට නැගී සිටිය හැකි බවත්, ඒ සඳහා අවශ්‍ය වන්නේ සියල්ලන්ම එක මතයක සිටීම බවත් රොයුහානි වැඩිදුරටත් පවසයි.