2017 වසරේ මෙක්සිකෝ භූ කම්පනයේදී මිනිස් ජීවිත රැසක් බේරාගැනීමට සහ මෘත ශරීර සොයාගැනීමට ඉමහත් දායකත්වයක් ලබාදෙමින් ජාත්‍යන්තර වශයෙන් කීර්තියට පත් ෆ්‍රයිඩා නම් බැල්ල සිය සේවයෙන් විශ්‍රාම ගොස් තිබේ.
මෙක්සිකානු නාවික හමුදාවට අනුයුක්තව සේවය කර ඇති ගෝල්ඩන් ලැබ්රඩෝ වර්ගයේ ෆ්‍රයිඩා වෙනුවෙන් විශේෂ සැමරුමක්ද පවත්වා ඇත.
මෙක්සිකෝව පුරා මුදාගැනීමේ මෙහෙයුම් 53කට වඩා වැඩි ප්‍රමාණයකට සහභාගී වී ඇති අතර, එය මෙක්සිකෝවට පමණක්නොව හයිටි, ගෝතමාලා සහ ඉක්වදෝර් යන රාජ්‍යයන් තුළද සිදුකර ඇත.
මෙක්සිකෝ නාවික හමුදාව පවසන පරිදි මෙම ෆ්‍රයිඩා විසින් මේ වනවිට මිනිස් ජීවිත 12කට වඩා වැඩි ප්‍රමාණයක් බේරාගෙන ඇති අතර, මෘත ශරීර 40කට වැඩි ප්‍රමාණයක් සොයා ගැනීමටද සහාය වී තිබේ.