එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර අවි ගනුදෙනු ගිවිසුමෙන් ඉවත්වීමට ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර තිබේ.
2013 වසරේදී හිටපු ඇමෙරිකානු ජනපති බරැක් ඔබාමා මෙම ගිවිසුමට අත්සන් කර ඇති අතර, එය ලොව පුරා රටවල් අතර අවි ගනුදෙනු නියාමනය කිරීමේ අරමුණින් සැකසුණු ගිවිසුමකි.
කෙසේ වෙතත්, එක්සත් ජනපද ජාතික රයිෆල් සංගමය පවසා ඇත්තේ අදාළ ගිවිසුම මගින් ජාත්‍යන්තර අවි පාලනයක් ගැන කියවුණත්, ඉන් ඇමෙරිකානු ව්‍යවස්ථාවේ දෙවැනි සංශෝධනයට අනුව අවියක් දැරීමට ඇති අයිතියට බලපෑම් කර ඇති බවයි.
ලොව විශාලතම අවි වෙළෙන්ඳා ලෙස සැලකෙන එක්සත් ජනපදය, ලොව දෙවැනි විශාලතම අවි වෙළෙන්ඳා ලෙස සැලකෙන රුසියාවට වඩා 58%ක් අවි අපනයනය කරයි.