චීන භාණ්ඩ සඳහා හඳුන්වාදීමට සැරසෙන විශේෂ බද්ද කෙරෙහි ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහාය දැක්වීමත් සමග ඇමෙරිකාව සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීම අත්හැරීමට සිදුවනු ඇති බවට චීනය අනතුරු අඟවා තිබේ.
චිනයේ උප ජනපති ලියු හී සහ ඇමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්ටීව් නියුචින් අතර පැවති දුරකථන සංවාදයකදී මෙම අනතුරු ඇඟවීම සිදුව ඇති බව විදෙස් වාර්තා පවසයි.
චීනය විසින් බුද්ධිමය දේපොළ සොරකමක් සිදුකරන බවට චෝදනා කරමින් ඇ.ඩො.බිලියන 60ක් වටිනා චීන භාණ්ඩ වෙත බදු පැනවීමට සූදානම් බව ජනපති ට්‍රම්ප් පසුගියදා නිවේදනය කළේය.
මේ නිවේදනයත් සමග ඇමෙරිකානු කොටස් වෙළෙඳ පොළ දෙදරීමකට ලක්වූ අතර, දෙරට අතර වෙළෙඳ යුද්ධයක පෙර නිමිති පෙන්වන්නට විය.
චීනය සිය ජාතික අවශ්‍යතා රැකගැනීමට සූදානම් බවට මෙහිදී චීන උප ජනපතිවරයා විසින් පවසා සිටියත්, දෙපාර්ශ්වයම බුද්ධිමත්ව සහ එක්ව කටයුතු කරනු ඇති බවට තමන් තවමත් විශ්වාසයක් ඇති බවද හෙතෙම ඇමෙරිකානු භාණ්ඩාගාර ලේකම්වරයා වෙත පවසා තිබේ.