පාලනයෙන් මිදී අක්‍රීය තත්ත්වයේ පවතින චීන අභ්‍යවකාශ යානය සඳුදා උදෑසන කාලයේදී පෘථිවිය වෙත කඩා වැටෙන බව විද්‍යාඥයෝ පවසති.
යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය මෙන්ම චීන අභ්‍යවකාශ ඒජන්සිය පවසන්නේ මෙම යානය ඉදිරි පැය 24ක කාලය තුළ පෘථිවි වායු ගෝලයට ඇතුළු වෙමින් පැසිපික් සාගර කලාපයට කඩා වැටීමේ ඉඩක් පවතින බවයි.
කෙසේ වෙතත්, මෙය ශ්‍රී ලංකාව ආසන්නයට කඩා නොවැටෙන බවද සඳහන් වෙයි.
චීනයේ අභ්‍යවකාශ වැඩසටහනේ ප්‍රධාන කොටසක් මෙන්ම, 2022 දී අභ්‍යකාශයේ රැඳවීමට නියමිත මිනිසුන් රැගත් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ආකෘතියක් වූ මෙය ටියෑන්ගොන්ග් -1 ලෙස හැඳින ගැනුණි.
2011 වසරේදී පෘථිවි කක්ක්ෂයට වැටුණු මෙය වසර පහක සේවා කාලයකින් පසුව චීනයේ පාලනයෙන් මිදුණි.
කෙසේ වෙතත්, පෘථිවිය වෙත ළඟා වෙමින් පවතින මෙහි කොටස් දැනටමත් දැවී ඇති අතර, එය පෘථිවි වායුගෝලයට ඇතුළු වීමේදී සම්පූර්ණයෙන්ම පාහේ දැවී යාමට හැකි බවද විශ්වාස කෙරෙයි.
කෙසේ වෙතත්, මෙහි සුන්බුන් කොටස් පෘථිවිය වෙත පතිත වනු ඇති බව විද්‍යාඥයෝ පවසති.