චීන හෝටල් සමූහයක පාරිභෝගික දත්ත මිලියන ගණනක් අන්තර්ජාලයේ විකිණීමට ඇති බවත්, මෙය පැහැදිලි ලෙසම දත්ත සොරා ගැනීමක් බවත් වාර්තා වෙයි.
අන්තර්ජාලයේ කළුකඩ වෙබ් අඩවි මගින් ගිගාබයිට් 140ක මෙම දත්ත තොගය බිට්කොයින් හුවමාරුවට අලෙවියට යොදා ඇති බවට ඇඩ්වර්ට් පළ වන බව කියැවෙයි.
අන්තර්ජාල ආරක්ෂාව පිළිබඳ විශේෂඥයන් පවසන්නේ මෙම හෝටල් සමූහයේ දත්ත ගබඩාව වැරදීමකින් හෝ අන්තර්ජාලය වෙත අප්ලෝඩ් කිරීමකදී මෙම සොරා ගැනීම සිදුවන්නට ඇති බවයි.
හුආසූ හෝටල් ජාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ මේ සම්බන්ධයෙන් ඔවුන් දැනටමත් පොලිස් පැමිණිල්ලක් ගොනුකර ඇති බවයි.
මේ අතර, ෂැංහයි පොලීසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹා ඇති බවද දැනගන්නට ලැබේ.