කැනඩාවේදී අත්අඩංගුවට පත් චීනයේ ප්‍රබල තාක්ෂණික සමාගමක විධායක නිලධාරිනිය නිදහස් කිරීම හෝ දරුණු ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවනු ඇති බව චීනය අවධාරණය කරයි.
චීනයේ කැනඩා තානාපතිවරයා වෙත කරුණු ගෙනහැර දක්වමින් චීනයේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය ලී යූචෙන්ග් චීන රජයේ බලවත් විරෝධය මේ වෙන්වෙන් දක්වා තිබේ.
මෙය අතිශය පිළිකුල්සහගත ක්‍රියාවක් ලෙසද අමාත්‍යවරයා පෙන්වා දී ඇත.
අදාළ සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරිනිය වන ඇය එම සමාගමේ නිර්මාතෘවරයාගේ දියණියද වෙයි. ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ඉරානය වෙත පනවා ඇති සම්බාධක උල්ලංඝනය කළේ යැයි යන චෝදනා මත ඇය අත්අඩංගුවට ගෙන තිබේ.
කැනඩාවේ වැන්කූවර් නගරයේදී අත්අඩංගුවට පත් ඇය ඇමෙරිකා එක්සත් ජනපදය වෙත පිටුවහල් කිරීමට නියමිතව ඇති අතර, එහිදී ඇය වැරදිකාරිය වුවහොත් වසර 30ක් දක්වා වූ සිර දඬුවමකට යටත් විය හැකි බව කියැවෙයි.
කෙසේ වෙතත්, ඇය කිසිදු ආකාරයක නීති උල්ලංඝනය කිරීමක් සිදුකර නොමැති බව චීනය අවධාරණය කරයි.