ඒකපාර්ශ්වීය චීන - මාලදිවයින් නිදහස් වෙළෙඳ ගිවිසුමෙන් මාලදිවයින ඉවත් කර ගන්නා බව එරට නව රජය අවධාරණය කරයි.
මේ ඇති කරගෙන තිබෙන නිදහස් වෙළෙඳ ගිවිසුම ඒකපාර්ශ්වීයයි. බොහෝ කොටස් අපට කිසිසේත්ම ගැළපෙන්නේ නෑ යනුවෙන් පවසා සිටියේ එරට හිටපු ජනපතිවරයෙකු මෙන්ම වත්මන් පාලක පක්ෂයේ මිතුරෙකු වන මොහොමඩ් නෂීඩ්ය.
එමෙන්ම, මෙම ගිවිසුම බලාත්මක කිරීම සඳහා වූ අනුමැතිය මාලදිවයින් පාර්ලිමේන්තුවෙන් නොලැබෙනු ඇති බවද ඔහු අවධාරණය කළේය.
ඊබ්‍රාහීම් මොහොමඩ් සොලිහ් මාලදිවයිනේ නව ජනපතිවරයා ලෙස වැඩභාර ගැනීමෙන් දින කිහිපයකට පසුව නෂීඩ් මෙම අදහස් දැක්වීම සිදුකර තිබුණි.
ඔහු මේ වනවිට වත්මන් ජනපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු ලෙස කටයුතු කරන අතර, පැවති මැතිවරණය සඳහා තරග කිරීමට ඔහුට අවස්ථාවක් ලබා නොදුන්නේය.
කෙසේ වෙතත්, මාලදිවයිනේ මෙම තීරණයට ඉන්දියානු බලපෑම පවතින්නට ඇති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.