චීන දින දර්ශනයට අනුව මෙම නව වසර ඌරාගේ වසර ලෙස සැමරීමට ලොව පුරා වැසියන් සූදානමින් සිටියත්, අග්නිදිග ආසියාවේ මුස්ලිම් බහුතරයක් ජීවත්වන රටවලට මෙම වසර සැමරීම තරමක් අර්බුදකාරී වී තිබේ.
මන්දයත්, මෙම සැමරුමේදී මෙම සත්වයාගේ රූපය සෑම සැමරුම් භාණ්ඩයක් සමග මුසුවන අතර, මුස්ලිම්වරුන්ට අනුව ඌරා අපිරිසුදු සත්වයෙකු ලෙස සැලකෙයි.
මේ අතර, මීට පෙර සුනඛයාගේ වසර සමරන අවස්ථාවේදීද මෙවැනිම අර්බුදකාරී තත්ත්වයක් පැන නැගුණත්, එය එතරම් දුරදිග නොගිය බව පැවසෙයි.
මැලේසියාවේ නොයෙක් ආගම් අදහන පුද්ගලයන් ජීවත් වුවත්, එරට රාජ්ය ආගම මුස්ලිම් ආගම වන අතර, මේ හේතුවෙන් මුස්ලිම් දහමට අපහාස වන කිසිවක් එරට තුළ සිදුවීමට අවස්ථාව නොලැබෙයි.
මේ නිසාම, පසුගිය වසරේදී බොහෝ වෙළෙඳ සැල් සුනඛයාගේ වසර සැමරීමේදී එම සුනඛ රූප සහිත සැමරුම් භාණ්ඩ ප්රදර්ශනය කිරීමෙන්ද වැළකී සිටියේය.
ඒ අනුව, මෙවරද ඌරාගේ වසර සඳහාද යම් යම් සීමාවන් සහිතව මැලේසියානු චීන සම්භවයක් සහිත පුද්ගලයන් සිය නව වසර සැමරුමට සූදානම් වන බව සඳහන් වෙයි.