චීන ජනපති ෂී ජින්පිං දෙදින නිල සංචාරයක් සඳහා උතුරු කොරියාව වෙත බ්රහස්පතින්දා (20දා) පැමිණෙන බව විදෙස් වාර්තා පවසයි.
කොරියානු අර්ධද්වීපයේ උතුරු කොරියාව මුහුණදෙන අභියෝග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට චීන ජනපතිවරයා මෙසේ පැමිණෙන බව සඳහන් වෙයි.
වසර 14ක ඉතිහාසය තුළ චීන ජනාධිපතිවරයෙකු උතුරු කොරියාවේ සංචාරය කරන ප්රථම අවස්ථාව මෙය වන අතර, වත්මන් චීන නායකයා 2012 බලයට පත්වීමෙන් අනතුරුව එරට සිදුකරන ප්රථම සංචාරයද වෙයි.
එය ජපානයේදී පැවැත්වීමට නියමිත G-20 සමුළුවට පෙරාතුව සිදුවන සංචාරයක් වන අතර, මෙම සමුළුවේදී චීන නායකයා සහ ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්රම්ප් සමග සාකච්ඡා පැවැත්වෙනු ඇත.
කෙසේ වෙතත්, උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් මේ වනවිට සිව්වරක් චීනය වෙත සංචාරය කර ඇති අතර, මෙය එක්සත් ජනපදය වෙතද චීනය ලබාදෙන යම් බලපෑම් සහගත පණිවුඩයක් බවද විචාරකයෝ පෙන්වා දෙති.