නව කොරෝනා වෛරසය සමග ප්‍රසිද්ධියේ පෙනී නොසිටි චීන ජනපති ෂී ජින්පිං ඊයේ (10දා) බීජිං හි රෝහලක් වෙත ගොස් කොරේනා වෛරසය පිටුදැකීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග නිරීක්ෂණයට ලක්කර තිබේ.
මුඛ ආවරණයක් පැළඳ සිටි ජනාධිපතිවරයා මෙම රෝහලට ඇතුළු වීමේදී සිය ශරීර උෂ්ණත්ව මට්ටම පරීක්ෂා කරන ආකාරයද දැකිය හැකි විය.
එහිදී ෂී ජින්පිං ජනපතිවරයා වෛරසය පිටුදැකීම වෙනුවෙන් වඩාත් තීරණාත්මක පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අංශවලින් ඉල්ලා ඇත.
මීට පෙර චීන අගමැතිවරයා විසින් ජනාධිපතිවරයා වෙනුවෙන් මෙම කර්තව්‍යයන් ඉටු කරමින්, රෝහල් හා සෞඛ්‍ය ආයතනවල කටයුතු නිරීක්ෂණයට කටයුතු කරන ලදී.
කොරෝනා වෛරසය හේතුවෙන් ඊයේ දිනය අවසන් වනවිට මියගිය සංඛ්‍යාව 1,000 ඉක්මවා තිබේ.