චීනයේ ගුවැංඩොං පළාතෙන් ඉන්දියාවේ මුලින්ම පැතිර ගිය කොවිඩ්-19 ප්‍රභේදය ආසාදිතයන් 20 දෙනෙකු ගෙවීගිය දිනය තුළ හඳුනාගෙන ඇති අතර, මේ සමග පළාතේ ගුවැන්ෂු අගනුවර අගුලු දැමීමට බලධාරීන් කටයුතු කර තිබේ.
එරට ජාතික සෞඛ්‍ය අධිකාරිය විසින් දෛනික යාවත්කාලීන කිරීම්වලදී වාර්තා කරන ලද නව ආසාදිතයන් 27ක් ගෙවීගිය දිනයේ සටහන් වන අතර, ඉන් ආසාදිතයන් 7දෙනෙකු විදේශයන්ගෙන් පැමිණි අය වන අතර, ඉතිරි ඒවා ගුවැංඩොං පළාතෙන් වාර්තා වූ ආසාදිතයන්ය.
පසුගිය සෙනසුරාදා, ගුවැන්ෂු අගනුවර බලධාරීන් විසින් නගරයේ ලිවන් දිස්ත්‍රික්කයේ වීදි 5ක ජීවත්වන පදිංචිකරුවන්ට නිවසේ රැඳී සිටින ලෙසට නියෝග කළ අතර අත්‍යවශ්‍ය නොවන ක්‍රියාකාරකම් අත්හිටුවමින්, විනෝදාස්වාද ස්ථාන සහ වෙළෙඳ පොළවල් වසා දැමීය.
ගුවන් තොටුපලවල්, දුම්රිය ස්ථාන සහ බස් නැවතුම්වලින් නගරයෙන් පිටවන පුද්ගලයන් දින තුනක් ඇතුළත කොවිඩ්-19 සෘණෘත්මක පරීක්ෂණයකට සාක්ෂි පෙන්විය යුතු බවද කියා සිටියේය.
ජානමය අනුක්‍රමික ප්‍රතිඵල අනුව ඉන්දියාවේ වේගයෙන් පැතිර යන වෛරස් ප්‍රභේදය නගරයේ සම්ප්‍රේෂණය වන වෛරසය බව නාගරික සෞඛ්‍ය කොමිසමේ නියෝජ්‍ය අධ්යක්ෂ චෙන් බින් ඊයේ (30දා) මාධ්‍ය හමුවකදී පැවසීය.
මැයි 30 වැනි දින දේශීයව තහවුරු කරන ලද නව ආසාදිතයන් 20 දෙනාගෙන් 18 දෙනෙකු ගුවැන්ෂු අගනුවර සහ දෙදෙනෙකු ෆොෂාන් නගරයෙන් සොයාගත් බව ගුවැංඩොං පළාතේ සෞඛ්‍ය බලධාරීහු ප්‍රකාශ කළහ.
ලෝකයේ වඩාත් සාර්ථකවම කොවිඩ්-19 පාලනය කළ රාජ්‍යයක් ලෙස මැයි 30දා වනවිට චීනයෙන් කොවිඩ්-19 ආසාදිතයන් 91,099ක් සනාථ වී ඇති අතර, මෑත කාලයේ කිසිවෙකු වෛරසයෙන් මිය නොගිය නිසා මරණ සංඛ්‍යාව පළමු රැල්ලේදී වාර්තා වූ 4,636ක අගයේම පවතී.