2020 ෆෝමියුලා වන් ග්රෝන්ෆ්රී ධාවන තරගාවලියේ එලැඹෙන අප්‍රේල් 17 සිට 19 දක්වා චීනයේදී පැවැත්වීමට නියමිතව තිබූ තරගය දින නියමයකින් තොරව කල් දමා තිබේ.
චීනය පුරා පැතිර ගිය නව කොරෝනා වෛරසය හෙවත් කොවිඩ්-19 නිසා මේ ආකාරයේ ආරක්ෂිත පියවරක් ගැනීමට සිදුවූ බව සංවිධායකයෝ නිවේදනයක් මගිනි පවසති.
කෙසේ වෙතත් තත්ත්වය වඩාත් හොඳින් නිරීක්ෂණය කරන බව පවසන ඔවුන්, තරගය පැවැත්විය හැකි වෙනත් දිනයක් සම්බන්ධයෙන් අධ්‍යයනයක නිරතව සිටින බවද පවසා සිටියි.