චීනය සහ ජපානය අතර උණුසුම් සබඳතාවක් පවතින වකවානුවක චීන ජනපති ෂී ජින්පිං සහ ජපාන අගමැති ෂින්සෝ අබේ අතර හමුවක් සිදුවිය.
ජපානයේ ඔසාකා නුවර පැවති G20 සමුළුවට සමගාමීව මෙම හමුව සිදුව ඇති අතර, ඓතිහාසිකවම සබඳතාවල උණුසුමක් පවතින ජපානය හා චීනය මෙම අවස්ථාවේදී ඇමෙරිකානු වෙළෙඳ ප්රත්පතිතිය සහ කොරියානු අර්ධද්වීපයේ න්‍යෂ්ටිකහරණය පිළිබඳව එක මේසයේ සාකච්ඡා පවත්වා තිබේ.
ජපානය සහ චීනය අතර අත්වැල් බැඳගත් අලුත් යුගයක සබඳතාවක් ජනපති ෂී ජින්පිංගේ පාලන කාලය තුළ ඇති කරගැනීමට තමන් කැමති බව අගමැති ෂින්සෝ අබේ මාධ්‍ය හමුවේ කියා සිටියේය.