අලිබබා සමාගමේ යුගයක අවසානය සනිටුහන් කරමින් එහි සභාපති ජැක් මා අද (10දා) ඊ-වාණිජ්‍යය දැවැන්තයාගෙන් ඉවත් වීමට නියමිතය.
වර්ෂ 1999 දී අලිබබා සමාගමේ සම ආදිකර්තෘවරයෙකු ලෙස එය ආරම්භ කළ ඔහු, අලිබබා ලොව විශාලතම අන්තර්ජාල සමාගමක් බවට පත්කිරීමට සුවිශාල දායකත්වයක් දැක්වීය.
ජැක් මා සතු වූ සාර්ථකත්වය සහ මෙන්ම වර්ණවත් විලාසිතාව නිසාම ඔහු චීනයේ වඩාත්ම පිළිගත් ව්‍යාපාරිකයෙකු බවට පත්විය.
ඔහුගේ සමු ගැනීමෙන් පසුව අලිබබා හි ප්‍රධාන විධායක ඩැනියෙල් ෂැං ඔහු වෙනුවට විධායක සභාපති ලෙස පත් කරනු ඇත.
මේ වනවිට සමාගමේ වටිනාකම ඇ.ඩො.බිලියන 480ක් වන අතර ජැක් මා චීනයේ ධනවත්ම පුද්ගලයා වෙයි. ෆෝබ්ස් සඟරාවට අනුව ඔහුගේ වත්කම්වල දළ වටිනාකම ඇ.ඩො.බිලියන 38.6කි.
එමෙන්ම, ඔහුගේ තවත් විශේෂත්වයක් වන්නේ සමාගමෙන් ඉවත් වූ චීනයේ ප්රමුඛ පෙළේ අන්තර්ජාල ව්‍යවසායකයන් අතර පළමු ආරම්භකයාද ඔහුය.
බොහෝ දෙනෙකු පවසන්නේ ජැක් මා සමග වෙනත් අයෙකු ආදේශ කිරීම අසීරු වනු ඇති බවය. ඔහු එක්තරා ආකාරයක සුවිශේෂී පුද්ගලයෙකු බවත්, ඔහු චීනයේ ස්ටීව් ජොබ්ස් බවත් එරට තාක්ෂණික ක්ෂේත්රයේ ප්රවීණයන්ගේ මතයයි.