දකුණුදිග චීනයේ, හුනාන් පළාතේ, හෙන්ග්යැන්ග් නගරයේ ජනාකීර්ණ චතුරස්‍රයක් වෙත මෝටර් රථයක් කඩා වැදී පදිකයන් යට කරගෙන ධාවනය කිරීමෙන් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
එස්.යූ.වී. මාදිලියේ මෝටර් රථයක් බින්ජියෑන්ග් චතුරස්රයට ඇතුළු වී මෙම අපරාධය සිදුකර ඇති අතර, ඒ වනවිට වෙලාව රාත්‍රී 7.40 පමණ වූ බවත්, සිද්ධියෙන් තවත් 43 දෙනෙකු තුවාල ලබා සිටින බවත් විදෙස් වාර්තා පවසයි.
මෙම රථය ධාවනය කළ පුද්ගලයා පෙර වැරදි සහිත අයෙකු බවත්, ඔහු සිද්ධියෙන් පසු අත්අඩංගුවට ගෙන ඇති බවත් චීන පොලීසිය කියයි.
කෙසේ වෙතත්, මෙම සිද්ධිය මෙතෙක් ත්‍රස්ත ක්‍රියාවක් ලෙස හඳුන්වා නැති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි. නමුත්, මෙම අපරාධය කළ තැනැත්තා හිතාමතාම මිනිසුන් යට කරමින් මෝටර් රථය ධාවනය කර ඇති බව පැහැදිලි වන්නේ යැයි පළාත් රජය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
තුවාලකරුවන් ළඟම පිහිටි රෝහල් කරා රැගෙන යාමට කටයුතු කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් පොලිස් පරීක්ෂන සිදුවන බව කියයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 54ක යැන්ග් සන්යුන් නමැති අයෙකු බවත් ඔහු මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිවලට බන්ධනාගාරගතව සිටි පුද්ගලයෙකු බවත් පොලීසිය කියයි.