චීනයේ උතුරදිග ෂාන්ෂි පළාතේ පිහිටි ගල් අඟුරු පතලක ඉහළ කොටස කඩා වැටීමෙන් පුද්ගලයන් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම අනතුර සිදුවන අවස්ථාවේදී එහි 80කට ආසන්න කම්කරුවන් පිරිසක් සේවයේ යෙදී ඇති අතර, අනතුරත් සමග පුද්ගලයන් 66 මුදාගැනීමට හැකිවී තිබේ.
මේ අතර, මිය ගිය 19 දෙනෙකුගේ සිරුරු හමුවී ඇති අතර, තවත් දෙදෙනකුගේ සිරුරු සොයා සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වන බවද වාර්තා වෙයි.
ගල් අඟුරු පතල් ආශ්රිත අනතුරු චීනයේ සාමාන්‍ය ගණයෙහිලා සැලෙකන අතර, නව ආරක්ෂණ ක්‍රමවේද ඉහළ නැංවුවද අනතුරු වාර්තා වීම් සුලභ බව ෂිංහුවා පුවත් ඒජන්සිය පවසයි.