මධ්‍යම චීනයේ විශාල පිරිසකට නියෝමානියා ආසාදනය තත්ත්වයක් ඇති කර ඇති අද්භූත වෛරසය සාර්ස් නොවන බව සෞඛ්‍ය බලධාරීහු පවසති.
මෙම තත්ත්වය කුරුළු උණ හෝ මැද පෙරදිග ශ්වසන ආබාධය බවට සැක කරමින් ඔවුන් දිගින් දිගටම පරීක්ෂණ පවත්වමින් සිටියි.
ආසාධිත හේතුවෙන් වුහාන් නගරයේ රෝගීන් 59ක් වාර්තා වී ඇති අතර ඉන් 7දෙනෙකුම බරපතල තත්ත්වයෙන් පසුවන බව සඳහන් වෙයි.
සිංගප්පූරුව සහ හොංකොං නගරයෙන් පැමිණෙන සංචාරකයන් පූර්ණ පරීක්ෂාවකට ලක්කළ හැකි තත්ත්වයක් ලෙස මෙය සැලකෙයි.
මාරාන්තික උණ රෝගයක් වන සාර්ස් වෛරසයේ වසංගතයක් චීනයෙන් ආරම්භ වීමෙන් පසු 2002-03 දී ලොව පුරා 700කට අධික පිරිසක් මිය ගියහ.
වුහාන් නාගරික සෞඛ්‍ය කොමිෂන් සභාව ඉරිදා සිය වෙබ් අඩවියේ පළ කළ නිවේදනයක දැක්වෙන්නේ ආසාදිතයන් සමග සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයින් 163 දෙනෙකු වෛද්‍ය නිරීක්ෂණ යටතේ තබා ඇති බවයි. වෛරසය සහ එහි ප්රභවය හඳුනා ගැනීමට අඛණ්ඩව උත්සාහ කරන බව එහි සඳහන් විය.