චන්ද්‍රයාන් 2 යානය සඳ මතුපිටට ගොඩබෑමට ආසන්නව තිබියදී පෘථිවිය හා පැවති සම්බන්ධතාව ගිලිහී ගියද එම මෙහෙයුම ගැන තමන් ආඩම්බර වන බව අගමැති නරේන්ද්‍ර මෝදි පවසයි.
ඉන්දියාවේ දෙවැනි සඳ ගමන හා ප්‍රථම සඳ තරණය ලෙස සැලකෙන චන්ද්‍රයාන් 2 මෙහෙයුමට සම්බන්ධ විද්‍යාඥයන් හමුවෙමින්, ඔවුන් වැලඳ ගනිමින් අගමැතිවරයා මෙසේ පවසා සිටියේය.
චන්ද්‍රයාන් 2 යානයේ වික්‍රම මොඩියුලය සඳේ දකුණු අර්ධගෝලය වෙත ගොඩබෑමට තිබියදී මේ ආකාරයෙන් එහි සබඳතා ගිලිහී ගොස් තිබේ.
එහිදී, මෙම යානයට සිදුවූ ඉරණම පිළිබඳ මෙතෙක් කිසිවක් අනාවරණය නොවන නමුත්, තවදුරටත් ඉන්දියාවට අවස්ථා පවතින බව අගමැතිවරයා කියා සිටියේය.
ඉන්දියාව යම් ලෙසකින් මේ ආකාරයේ මෘදු ගොඩබෑමක් සඳ මතුපිට සිදුකළේ නම්, ඔවුන් ලෝක ඉතිහාසයේ එවැනි දක්ෂතාවක් දැක්වූ ලොව සිව්වැනි රාජ්‍ය බවට පත්වන අතර, මීට පෙර ඇමෙරිකාව, රුසියාව සහ චීනය එම හපන්කම සිදුකර තිබේ.
ඉන්දීය අභ්‍යවකාශ වැඩසටහනේ විද්‍යාඥයන් පෙන්වා දුන් පරිදි යානය සඳ මතුපිටට කිලෝමීටර් 2.1ක් තරම් ආසන්න වන තුරුම ඉතා සුමට ගමනක් සිදුකර තිබුණත්, එතැන් සිට යානය යම් දෝෂයකට ලක්ව තිබේ.