ව්‍යාජ හැඳුනුම්පත් භාවිත කරමින් ගාසා තීරයේ රහසිගත ප්‍රහාරයක් සැලසුම් කළ ඊශ්‍රායල් කමාන්ඩෝ සෙබළු පිළිබඳව තොරතුරක් ලබාදෙන්නෙකුට ඇ.ඩො.මිලියනයක මුදල් ත්‍යාගයක් ලබාදෙන බව හමාස් සංවිධානය පවසයි.
පසුගිය වසරේ නොවැම්බර් මස 11 වැනිදා සිදුවූ මෙම ප්‍රහාරය දියත් කිරීම සඳහා ඊශ්‍රායල් විශේෂ බලකායේ කමාන්ඩෝ සෙබළු 15ක් සම්බන්ධ වී ඇති බව අනාවරණය වෙයි.
ඔවුන් ව්‍යාජ හඳුනුම්පත් භාවිත කරමින් ගාසා තීරයට ඇතුළු වී ඇති අතර, පුණ්‍යායතනයක මෝටර් රථයක්ද මේ සඳහා යොදාගෙන ඇති බව හමාස් සංවිධානය පවසයි.
කෙසේ වෙතත්, මෙම ප්‍රහාරය සාර්ථක කරගැනීමට ඊශ්‍රායල් හමුදා සාමාජිකයන්ට නොහැකි වී ඇත්තේ හමාස් සංවිධානය විසින් මෙම පිරිස හඳුනාගැනීම නිසාය.
ඒ අනුව, කෙසේ හෝ ඔවුන් අල්ලා ගැනීම හමාස් සංවිධානයේ අභිලාෂය වී ඇති අතර, ඔවුන් මෙවැනි දැවැන්ත ත්‍යාග මුදලක් ලබාදෙන බව ප්‍රකාශ කර ඇත්තේද එබැවිනි.
මෙම ප්‍රහාරය සුළු අත්වැරැද්දකින් සාර්ථක කරගැනීමට නොහැකි වුවත්, තම සෙබළු වික්‍රමාන්විතව හමාස් සාමාජිකයන් විශාල පිරිසක් ඝාතනය කර ඇති බව ඊශ්‍රායලය පවසා තිබේ.