ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ කඳවුරකට ගුවන් ප්රහාර එල්ල කළ බව ඊශ්රායලයේ හමුදාව අද (25දා) තහවුරු කළේය.
ඊශ්රායල් හමුදා ප්රකාශකයෙකු නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඊශ්රායල යුද ප්රහාරක යානා යොදා ගනිමින් මෙම ප්රහාරය එල්ල කළ බවයි.
මෙම කඳවුර පිහිටා ඇත්තේ පාසලක් ඇතුළු සිවිල් ස්ථාන අසල බවද ප්රකාශකයා වැඩිදුරටත් පැවසීය. කෙසේ වෙතත් මෙම ප්රහාරයෙන් සිදුවූ හානි සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොතිබුණි.