ඊශ්‍රායලයේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටි අවිග්දෝර් ලිබෙර්මාන් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ගාසා තීරයේ ආසන්න කාලයේ ඇති වූ ගැටුම් මෙන්ම, ඒ වෙනුවෙන් සටන් විරාමයක් කැඳවීමට ගත් තීරණයට එරෙහිව ඔහු මෙසේ ඉල්ලා අස්වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
මීට අමතරව, ඔහුගේ අන්ත දක්ෂිණාංශික ඊශ්‍රායල් බිටෙනු පක්ෂයත් වත්මන් පාලක පක්ෂයෙන් ඉවත්කර ගැනීමට කටයුතු කර තිබේ.
මේ ආකාරයෙන් ආරක්ෂක අමාත්‍යවරයාගේ හදිසි ඉල්ලා අස්වීම මෙන්ම, ඔහු නියෝජනය කළ දේශපාලන පක්ෂයද වත්මන් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජයට බලවත් කණේ පහරක් බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
ගාසා තීරයේ හමාස් සටන්කරුවන්ට එරෙහිව ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරය වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යවරයා පෙනී සිටියත්, පසුව එම ප්‍රහාර නවතා සටන් විරාමයකට එලැඹීමට කටයුතු කිරීම ඔහුගේ නොසතුටට හේතු වී ඇති බව කියැවෙයි.