බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගිවිසුමකින් තොර බ්‍රෙක්සිට් විසඳුම ප්‍රතික්ෂේප කරන්නේ නම් ලබන ඔක්තෝබර් 14දා මහ මැතිවරණයකට යෑමට අදහස් කරන බව එරට රජය පවසයි.
කෙසේ වෙතත්, තමාට මේ මොහොතේ මැතිවරණයක් අවැසි නොවන බව බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් පවසා සිටියි.
මේ අතර, ටෝරි ක්‍රියාකාරීන් ලේබර් පක්ෂය සමග එක්වෙමින් එලැඹෙන ඔක්තෝබර් 31දා ගිවිසුමකින් තොරව යුරෝපා සංගමයෙන් ඉවත්වීම වැළැක්වීමට කටයුතු කරමින් සිටියි.
මේ තත්ත්වය තුළ බ්‍රෙක්සිට් ක්‍රියාවලිය 2020 ජනවාරි 31දා දක්වා කල් දැමීමට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාට සිදුවනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි.
එරට රජයේ ජ්‍යෙෂ්ඨයෙකු කියා සිටියේ ගිවිසුමකින් තොර ඉවත්වීම වැළැක්වීමට මන්ත්‍රීවරු මෙම සතියේ ක්‍රියා කළහොත් මහමැතිවරණයක් ඉල්ලා සිටීම අනිවාර්යයෙන්ම ඉදිරියට පැමිණෙනු ඇති බවයි.