තායිලන්තයේ සිට ඉන්දියාවට පැමිණි ගුවන් මගියෙකුගේ ගමන් මල්ලේ මසක් වයසැති කොටි පැටවෙකු හසුවීමත් සමග එම පුද්ගලයා අත්අඩංගුවට පත්ව ඇත.
ගමන් මල්ලේ තුළින් අසාමාන්‍ය ශබ්දයක් ඇසීමෙන් ගුවන් තොටුපොළ බලධාරීන්ට සැකයක් ඇතිවී තිබෙන අතර, එම ගමන් මල්ලේ වූ ප්ලාස්ටික් බෑගයක් තුළ රාත්තල් 2.2ක් බරැති මෙම කොටි පැටවා සඟවාගෙන පැමිණ තිබේ.
මෙය ජාත්‍යන්තර සත්ත්ව ජාවාරම්වල යෙදෙන ජාලයක ක්‍රියාවක්ද යන්න පිළිබඳව පර්යේෂණ පැවැත්වෙන බව ඉන්දීය බලධාරීහු පවසති.
අත්අඩංගුවට පත් පුද්ගලයා වයස අවුරුදු 45ක් පමණ වන අයෙකු වන අතර, ඔහුගේ අනන්‍යතාව හෙළිකර නොමැත.
ගුවන් තොටුපොළ බලධාරීන් විසින් දුර්වල තත්ත්වයේ සිටි කොටි පැටවාට කිරි පොවා පසුව, පශු වෛද්‍යවරයෙකු යටතේ චෙන්නායි නුවර අරිග්නාර් අන්නා සත්වෝද්‍යානය වෙත රැගෙන ගොස් තිබේ.