ග්වතාමාවේ මධ්‍යස්ථමතධාරී අපේක්ෂක හිටපු බන්ධනාගාර ප්‍රධානී ඇලෙජැන්ද්‍රෝ ගියාම්මටේ එරට ජනපතිවරයා ලෙස තේරීපත්ව තිබේ.
මූලික ඡන්ද ප්‍රතිඵල අනුව ඔහු 59%ක ප්‍රතිශතයක් ලබා ඇති අතර, ඔහුගේ මධ්‍ය වාමාංශික ප්‍රතිවාදී අපේක්ෂිකා සැන්ඩ්‍රා ටෝරස් ලබාගෙන ඇත්තේ 41%ක ප්‍රතිශතයක් පමණි.
හිටපු ජනපති ආර්යා ටෝරස් පසුගිය ජුනි මාසයේ පැවති මැතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කළත් මෙවර ඇයට ජයග්‍රහණය කිරීමට නොහැකි වී තිබේ.
ජනපති මැතිවරණය අභියස ගියාම්මටෙයි කියා සිටියේ විවාදයට තුඩුදී ඇති ඇමෙරිකානු සංක්‍රමණික වැඩපිළිවෙළ නැවැත්වීමට තමන් කටයුතු කරන බවයි.
ඔහුගේ ජයග්‍රහණයට මෙය ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.