කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූවන් ගෝලීයව 152,428ක සීමාවට පැමිණ ඇති බව ලේක සෞඛ්‍ය සංවිධානය පවසයි.
එමෙන්ම මෙම වෙරෙසය ආසාදනය වීමෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 5,393ක් බවත්, එම මරණ ලොව පුරා රාජ්‍යයන් 141කින් වාර්තා වන බවත් එම සංවිධානය වැඩිදුරටත් පවසයි.
ආසාදිතයන් 81,000ක් ඉක්මවා නව කොරෝනා වෛරසයෙන් වැඩියෙන්ම බැටකෑ රාජ්‍ය චීනය වුවත්, චීනය මේ වනවිට ආසාදිතයන් 20 දක්වා අඩු කරගෙන යථා තත්ත්වයට පත්ව ඇත.
ඉන් අනතුරුව වැඩිම බලපෑමට ලක්වූ රාජ්‍ය ඉතාලිය වන අතර, එරට ආසාදිතයන් 21,157ක් වාර්තා වෙයි. එමෙන්ම ගෙවීගිය පැය 24ක කාලය තුළ එරටින් නව ආසාදිතයන් 3,000ක් වාර්තා වී ඇත.
තෙවැනි වැඩිම බැටකෑමට ලක්වූ රාජ්‍ය ඉරානයයි. එටින් ආසාදිතයන් 12,700ක් ඉක්මවා වාර්තා වන අතර, ඔවුන්ගේද ඊයේ දිනයේ නව ආසාදිතයන් 1,000ක් වාර්තා වී තිබුණි.