ග්‍රීසියේ පැවති මහ මැතිවරණයෙන් මධ්‍ය දක්ෂිණාංශික අගමැති අපේක්ෂක කිරියාකෝස් මිට්සොටාකිස් ජයග්‍රහණය කර තිබේ.
ඉරිදා පැවති මැතිවරණයෙන් නව ප්රජාතන්ත්රවාදී පක්ෂය දැවැන්ත ජයග්‍රහණයක් ලබාගෙන ඇති අතර, නව අගමැති ධුරයට තේරීපත් වන කිරියාකෝස් මිට්සොටාකිස් පවසා සිටියේ ග්‍රීක වැසියන් තමා කෙරෙහි බලාපොරොත්තුවක් තැබීම ගෞරවයට කරුණක් බවයි.
වත්මන් අගමැති ඇලෙක්සිස් සිප්රාස්ගේ සිරයිසා පක්ෂයේ සිව් වසරක පාලනයට පසුව මෙම දැවන්ත ජයග්‍රහණය විරුද්ධ පක්ෂය විසින් ලබාගෙන තිබේ.
රට තුළ රැකියා වියුක්තිය ශීඝ්‍රයෙන් ඉහළ යෑම සහ ආර්ථිකය දිනෙන් දින පහළට වැටීම ඇලෙක්සිස් සිප්රාස්ගේ සිරයිසා පක්ෂයේ පරාජයට හේතුව බව දේශපාලන විචාරකයෝ පවසති.